මෙරට මාර්ග තදබදය වළක්වාගැනීම සඳහා භාණ්ඩ ප්‍රවාහනය මුහුදු මාර්ගයෙන් සිදුකිරීමට බලාපොරොත්තු වන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
ඒ සඳහා රට තුළ කුඩා වරායන් සංවර්ධනය කළ යුතු බවත්, මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම හරහා රට තුළ මාර්ග තදබදයට විසඳුම් ලැබෙන බවත් හෙතෙම පැවසීය.
ඒ සඳහා ලංකා නැව් සංස්ථාව සහ වරාය හා නාවික අමාත්‍යාංශය මේවනවිට අදාළ කටයුතු සාකච්ඡාකරමින් පවතින බවද අමාත්‍යවරයා අද (10දා) HATSU CHYSTAL නෞකාවේ පැවැති මාධ්‍ය හමුවේදී කීය.
සීමාසහිත ලංකා නැව් සංස්ථාව මෙම වර්ෂයේ සිය 44 වැනි සංවත්සරය සමරයි.