පාරිභෝගික භාණ්ඩ හා සේවා ක්ෂේත්‍ර 4කට අදාළ ප්‍රමිතින් සම්බන්ධයෙන් වැදගත් ගැසට් නිවේදන හතරක් (4ක්) නිකුත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව අටපිරිකර නිෂ්පාදනය කිරීමේදී තිබිය යුතු ප්‍රමිතිය, පානීය ජල බෝතල් සඳහා භාවිත කරන ප්ලාස්ටික් බෝතල්වල ප්‍රමිතිය, ආපන ශාලා හා ආහාර සැපයුම් (කේටරින්) පවත්වාගෙන යායුතු ප්‍රමිතිය සහ පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට විස්තර සහිත බිල්පත් නිකුත් කළ යුතු බවට සඳහන් ගැසට් නිවේදන හතරක් නිකුත් කළ බව එම අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් ආර්.එම්. ඩග්ලස් මහතා සඳහන් කළේය.
වෙළෙඳ පොළ තුළ අලෙවි කිරීමට තිබෙන අටපිරිකර ප්‍රමිතියෙන් තොර බවට පැමිණිලි ලැබීම නිසා බුද්ධශාසන කටයුතු දෙපාර්තමේන්තුව මගින් අටපිරිකරක අඩංගු විය යුතු භාණ්ඩ පිළිබඳ විස්තරයක් සහ එහි ලියාපදිංචිය පිළිබඳව උපදෙස් මාලාවක් ලබාදුන් බවද ඔහු පවසා සිටියේය.
මෙම උපදෙස් පිළිපදිමින් එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබාගත යුතු බවත්, ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ මෙම ගැසට් නිවේදනයෙන්ද සනාථ කර තිබෙන බවත් අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.
මේ අනුව සියලුම අටපිරිකර අලෙවි කිරීමේදී බුද්ධශාසන අමාත්‍යාංශයේ පිරිවිතරයන්වලට අනුකූල විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් පාරිභෝගික කටයුතු පනත මගින් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
අලෙවියට තබා තිබෙන ජලය අඩංගු ප්ලාස්ටික් බෝතල් ප්‍රමිතියකින් තොර බවට පැමිණිලි ලැබී තිබෙන බවත්, මේ නිසා ජලය පුරවන ප්ලාස්ටික් බෝතල්ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලබාදී තිබෙන පිරිවිතරයන්වලට අනුව සකස්කළ යුතු බවට සඳහන් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කළ බවද හෙතෙම සඳහන් කළේය.
පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා සියලුම රෝගීන්ට විස්තර සහිත බිල්පත් ලබානොදීම පිළිබඳව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබූ බවද අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය. මේ නිසා රෝගීන්ට විස්තර සහිත බිල්පතක් ලබාදිය යුතු බවට අනිවාර්ය කරමින්ද ගැසට් නිවේදනයක් නිකුත් කළ බවද ඔහු පවසා සිටියේය.
ඒ අනුව මෙම ගැසට් නිවේදන තුනට අනුව නීතිය අද (15දා) සිට ක්‍රියාත්මක කළහැකි බවද හෙතෙම සඳහන් කළේය.
එහෙත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ගැනීම සඳහා අද සිට මාස 03 ක සහන කාලයක් ලබාදෙන බවත්, ඉන්පසුව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ආර්.එම්. ඩග්ලස් මහතා සඳහන් කළේය.
මීට අමතරව ආපන ශාලා සහ ආහාර සැපයුම් සේවා (කේටරින් සේවා) පවත්වාගෙන යන ආයතනවලින් ආහාර සකස් කිරීමේ ක්‍රම‘වේදය සහ ආහාර සකස් කර ගැනීමට භාවිත කරන උපකරණ පිළිබඳව යම් යම් ගැටලු ඇතිවී තිබෙන බවද ඒ මහතා පැවසීය.
මේ නිසා ආහාර සකස් කිරීමේදී සහ උපකරණ භාවිත කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලබාදෙන එස්.එල්.එස්. සහතිකයට හෝ ජී.එම්.පී. සහතිකය යටතේ ආපන ශාලා කේටරින් ආයතන පවත්වාගෙන යායුතු බවට ගැසට් නිවේනයක් නිකුත් කළ බවද ඔහු පවසා සිටියේය.
ඒ සඳහා අද සිට මාස 06කට පසු නීතිය ක්‍රියාත්මක කරන බවත්, එම කාලය තුළදී සියලුම ආයතන එම ප්රමිතීන් තත්ත්වයට පත්විය යුතු බවද අධ්යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.