මෙවර මැතිවරණය වෙනුවෙන් කන්තලේ පැවති ප්රචාරක රැස්වීමකදී අමාත්‍ය කේ.කේ.ඩී. එස් . ගුණවර්ධන මහතා විසින් "බොදු බල සේනා ඉස්ලාම් පිරිස් වලට පහර දුන් බව" හැඟෙන සේ කරන ලද ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බවත් එය බොදු බල සේනා දැඩි ලෙස හෙලා දකීනබවත් එම සංවිධානය පවසයි.
බොදු බල සේනා කිසිදු විටක ඔහු විසින් සඳහන් කරන ලද පහර දීම් සිදු කර නොමැති අතර රටේ අමාත්‍යවරයකු ලෙස මෙවැනි බොරු ප්‍රකාශ කිරීම පිළිබඳ දැඩි පිළිකුලක් ඇතිබවද ඔවුන් පවසයි.
එබැවින් ඔහුගේ ප්‍රකාශය පිලිබඳ ඕනෑම ස්ථානයක දී ප්‍රසිද්ධ විවාදයකට බොදු ජන පෙරමුණ සුදානම් බැවින් ඒ සඳහා ගුණවර්ධන මහතාට අභියෝග කරන බව බොදු ජන පෙරමුණ විසින් වැඩිදුරටත් පැවසීය.