නයිජීරියාවේ බොකෝ හරාම් ඉස්ලාම් අන්තවාදී ත්රස්තයන්ට එරෙහි සටනේදී ශ්‍රී ලංකා හමුදාව එල්.ටී.ටී.ඊ. පරාජය කිරීම සඳහා භාවිත කළ උපාය උපක්‍රම අධ්‍යයනය කරමින් සිටින බව නයිජීරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ යැයි බී.බී.සී.ය කියයි.
නයිජීරියානු හමුදාව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් නයිජීරියාවට ගොස් සිටින නියෝජිත පිරිසක් සමග මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවද බී.බී.සී.ය පවසයි.
අබුජාහි ඇති නයිජීරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ශ්‍රී ලංකාවෙන් පැමිණි ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් සමග පැවති මූලික වටයේ අදහස් හුවමාරුවෙන් පෙනී යන ආකාරයට ශ්‍රී ලංකාව මුහුණ දුන් තත්ත්වය සහ නයිජීරියාවේ වර්තමාන තත්වය අතර බොහෝ සමානතා ඇති බවද බී.බී.සී.ය පෙන්වා දෙයි.
‘ශ්‍රී ලංකා හමුදාවෙන් නයිජීරියානු ප්රතියෝගීන්ට ත්‍රස්තවාදය මැඩලීමේ සහාය’ යනුවෙන් නයිජීරියානු පෞද්ගලික රුපවාහිනී චැනලයකට අයත් වෙබ් අඩවියක පසුගිය 12 වැනිදා පළවූ වාර්තාවක මේ බව සඳහන් වන බවද බී.බී.සී.ය පෙන්වා දෙයි. එම වාර්තාවට අනුව ජුනි10 වැනි අඟහරුවාදා මූලික වටයේ සාකච්ඡා පැවැත්වී ඇති බවද කියැවෙයි.
සාකච්ඡාව අවසානයේදී නයිජීරියානු ආරක්ෂක අංශ ප්‍රධානී එයාර් චීෆ් මාෂල් ඇලෙක්ස් බදෙහ් ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සහභාගීත්වය පැසසුමට ලක්කර ඇති බවද බී.බී.සී.ය පෙන්වා දෙයි.
නයිජීරියාවේ නැගී එන ත්‍රස්තවාදය මැඬලීමේදී ශ්‍රී ලංකාවේ අත්දැකීම් පිළිබඳ ව දැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කර ඇති ඔහු තම ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් නයිජීරියානු හමුදාව කැපවී සිටින බවද අවධාරණය කර ඇති බවද බී.බී.සීය පවසයි.