මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් පිරිසක් රඳවා සිටින බූස්ස රැඳවුම් කඳවුර අවට අද (230දා) විරෝධතාවක් පැවැත්වීමට පැමිණිමට නියමිත පිරිසට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව රේස්කෝස් පාර, පිංතාලිය පාර, බූස්ස පන්සල පාර හා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට අනෙකුත් අතුරු මාර්ගවලද, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිංතොට පාලමේ සිට පන්සල හංදිය දක්වා වූ ප්‍රදේශවලට බලහත්කාරයෙන් ඇතුළුවීම අධිකරණය විසින් තහනම් කර ඇත.
රත්ගම පොලීසිය විසින් කළ කරුණු දැක්වීමක් මත මෙම නියෝගය නිකුතුකර ඇත්තේ අක්මීමන දයාරතන හිමි, සිංහල ජාතික බලමුළුමව සංවිධානයේ භික්ෂූන් වහන්සේලා හා එම සංවිධානයට අයත් නොවන අනෙකුත් භික්ෂූන් වහන්සේලා ඇතුළු පැමිණෙන වාහන හා පුද්ගලයන්ට එරෙහිවය.