අධික ලෙස බීමත්ව පෞද්ගලික බස් රියක් පැදවූ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. පිටකොටුව සිට හෝමාගම දක්වා ධාවනය වූ බස්රථය කුරුඳුවත්ත පොලිසිය විසින් පරීක්ෂා කිරීමේදී රියදුරු බීමත්ව සිටි බවට අණාවරණය වී තිබේ.
එම අවස්ථාවේදී බස් රථයේ මගීන් 50ක් පමණ ගමන් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අංක 7 දරණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රුපියල් 7500ක දඩයක්, මාස තුනක අනිවාර්ය සිර දඩුවමක් හා රියදුරු බලපත්රය මාස හයකට අත්හිටුවීමටත් කටයුතු කර තිබේ.