බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් සමස්ත දිවයිනම ආවරණය වන අයුරින් ක්රියත්මක කරන මෙහෙයුම් එළඹෙන 20 වැනිදා දක්වා ක්රියාත්මක බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම මෙහෙයුම් පසුගිය 10 වැනිදා සිට ආරම්භ කර තිබිණි.
ඒ අනුව 10 වැනිදා උදෑසන 6.00 සිට අද (17දා) උදෑසන 6.00 දක්වා දින හතක් පුරාවට සිදුකළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 1315 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඊයේ (16දා) උදෑසන 6.00 සිට අද (17දා) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24 තුළදී බීමත් රියදුරන් 185 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.