වාරියපොළ මිනුවන්ගම ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් තම සැමියා ඝාතනය කර නිවස පිටුපස වත්තෙහි වළ දමා තිබියදී වාරියපොළ පොලීසිය විසින් අද (15දා) සොයාගෙන ඇත.
51 හැවිරිදි හෙට්ටිආරච්චිලාගේ තිලකරත්න නැමැති තිදරු පියෙකු මෙසේ ඝාතනයට ලක්ව තිබේ. දිගු කලක සිට තමන්ට සහ දරුවන්ට සැමියාගෙන් එල්ලවන ශාරීරික හිංසා ඉවසාගත නොහැකිව පිහියකින් කොටා සැමියා ඝාතනය කළ බව සැකකාර බිරිය පොලීසියට පවසා ඇත.
මළසිරුර නිවස පිහිටි වත්තේ අතහැර දමා තිබූ පරණ වළක වළදමා තිබියදී පොලීසියට හමුවී ඇති අතර, එය හෙට (16දා) වාරියපොළ මහේස්ත්රාත් ඉදිරියේ ගොඩගැනීමට නියමිතය.