සිය බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙක් වන චන්දන ප්‍රියන්තට එරෙහිව මරණීය දණ්ඩනය නියම කිරීමට ගම්පොළ මහාධිකරණ විනිසුරු පියාසීලි මතුරට මහත්මිය අද (13දා) කටයුතු කළේය.
2007 වසරේදී මෙම ඝාතනය කළ බව බ්‍රිගේඩියර්වරයා වරද පිළිගත්තේය. ඝාතනයට ලක්වූ තේජාංගනී රූපසිංහ දැරුවන් දෙදෙනෙකුගේ මවක් වූවාය.