මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවද මීට පෙර ආණ්ඩුව විසින් බැඳුම්කර නිකුත් කර ඇති ආකාරයද ඒ සමග හෙළිකරන බව අධ්‍යාපන අමාත්‍ය එ.ජා. පයේ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එමෙන්ම බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් ලැබෙන කමිටු වාර්තා ඉක්මනින් ලබාගැනීමටත් එය පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවේ අද (18දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.