පොලිස් නිල ඇඳුම් කොටස්, නිල හැඳුනුම්පත් හා ජීව උණ්ඩ තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ඊයේ (24දා) මීගොඩ, දොම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම ප්‍රදේශයේම පදිංචි පියන් චන්ද්‍රකුමාර නමැත්තෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට පත් සැකකරුට බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමිව ඇති බවටද අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබූ පොලීසියේ විවිධ තරාතිරම්වල නිලධාරීන්ට අයත් නිල ඇඳුම් කට්ටල 3ක්, පොලිස් නිලධාරීන් සතු නිල හැඳුනුම්පත් 16ක්, සේවා ලේඛන 03ක්, වෙනත් පුද්ගලයන්ට අයත් ජාතික හැඳුනුම්පත් 12ක්, විදේශ ගමන් බලපත්‍රයක්, ජීව උණ්ඩ 20ක්, තියුණු ආයුධ 04ක් හා ව්‍යාජ ලිපි ලේඛන රාශියක් පොලීසිය භාරයට ගෙන ඇත.