එළඹෙන දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණ සඳහා වියදම කෝටි 120 ක් වෙතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (29දා) පැවසීය.
ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා කියා සිටියේ මිලියන 14කට අධික ශ්‍රී ලංකා ඡන්දදායකයන්ගෙන් මිලියන 06ක්ම සිටිනුයේ මෙකී පළාත් 02 තුළ බවයි.
එබැවින් පසුගිය පළාත් සභා මැතිවරණයට වියදම් කළ රුපියල් මිලියන 874කට වඩා මෙවර වියදම වැඩිවනු ඇති බවද ඔහු කීය.
සරලව ගත් කල එක් ඡන්දදායකයකු සඳහා අවම වශයෙන් රුපියල් 200 ක් වැය වන බව ඔහු සඳහන් කළේය. විශේෂයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය හා ඡන්ද කාඩ්පත් මුද්‍රණය සඳහා අනිවාර්යයෙන් දෙපාර්තමේන්තුව විසින් වියදම් කළ යුතු බවත්, එසේම විදුලි බිලද ඉතා ඉහළ එකක් වන බවත් ඔහු කීය.
පසුගිය මැතිවරණය තුළදී ශ්‍රී ලංකා පොලීසියට රුපියල් මිලියන 150ක්ද, තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 79ක්ද, විදේශ නිරීක්ෂකයන්ට රුපියල් මිලියන 10ක් සහ රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 45ක්ද ගෙවූ බව ඔහු පවසා සිටියේය.