ඉදිරියේදී බස් ගාස්තු කිසිලෙසකින්වත් වැඩි කිරීම අවස්ථාවක් නොදෙන බවත්, ප්‍රවාහන ක්ෂේත්රය පුළුල් වෙනසකට ලක්කළ යුතු බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ‘අදට’ පැවසීය.
එමෙන්ම පෞද්ගලික බස් හිමියන් සමග තමන් සාකච්ඡා කළ බවත්, බස් කර්මාන්තයේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මුදල් අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරුන් දැනුවත් කළ බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.