තම දියනිය විසින් බලුකුඩුවේ දමා සිර කර සිටි පියා රෝගාතුර ව වැඩිහිටිහිටි නිවාසයෙන් මහනුවර රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව මියගොස් ඇතැයි බලගොල්ල පොලිසිය පවසයි.
පියාව බලුකුඩුවේ දමා සිර කර සිටියදී බලගොල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මහනුවර අදිකරනයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්දනාගාර කර සිටි දියනියව රුපියල් 25000 ක දඩයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කරන ලෙසත් පියාව තාවකාලිකව අම්පිටිය මැද්දපිටිය වැඩිහිටි නිවාසයට ඇතුලත් කරන ලෙසත් මහනුවර අධිකරනයේ අතිරේක මහේස්ත්රාත් සිනිත් විඡේසේකර මහතා මහතා (02) දින නියෝග කලා.
මිය යන විට ඹහුගෙ වයස වයස 73 වන අතර වැඩිහිටි නිවාසයේ සිටියදි ඇති වු අසනිප තත්වයන් නිසා පසුගිය 3 වනදා මහනුවර රෝහලට ඇතුලත් කර ඇති අතර 6 වෙනිදා ඇති වු අසනිප තත්වයක් නිසා මියගොස් ඇති අතර දියනියගේ ඉල්ලිම මත අවසන් කටයුතු අධිකරනයෙ නියෝග මත මහයියාව සුසාන භුමියේ සිදුකරන ලෙස අධිකරනය විසින් නියෝග ලබා දි ඇති අතර මේ වන විට දේහය මහනුවර මල් ශාලාවක තැන්පත් කර ඇති බව බලගොල්ල පොලිසිය පැවැසිය.
පියා බලු කුඩුවකට දමා සිර කර සිටියදි බලගොල්ල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක පුෂ්ප කුමාර මහතා ඇතුලු පොලිස් නිලධාරින් 2015-10-13 දින මෙම දියනියව පොලිස් අත් අඩංගුවට ගනු ලැබිය.
ආර්.එම්.සි රුපසිංහ