බලශක්ති ක්ෂේත්රය අද ලෝකයේ ගැටුම්වල තෝතැන්නක් බවට පත්වී ඇතිබවත් ලොකයේ ගැටුම්වලින් බොහොමයකට හේතුව බලශක්තිය නිසාවෙන් එය සංරක්ෂණය කිරීමට අප කැපවිය යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බලශක්ති සංරක්ෂණය වෙනුවෙන් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමේ වැඩමුලුවකදී අමාත්‍යවරයා මේබව පැවසීය.
"ගැටුම්වල තෝතැන්නක් බවට අද බලශක්ති ක්ෂේත්රය පත්වෙලා.බලශක්තිය අත්පත්කර ගන්න , බලශක්තිය ප්‍රවාහනය කරන්න,වගේම බලශක්තිය භාවිතා කීරීම සම්බන්ධයෙන්ද විශාල තරඟයක් ලෝකය පුරාම ඇතිවෙලා. අපි ප්‍රවේශමෙන් ඇතුලත්වියයුතු ක්ෂේත්රයක් තමයි බලශක්ති ක්ෂේත්රය. අද ලෝකයේ ගැටලුකියලා හදුන්වන සිවිල් බිදවැටීම් 26න් 24ක්ම සම්බන්ධවෙලා තියෙන්නේ බලශක්තිය සම්බන්ධව" යැයි අමාත්‍යවරයා පැවසීය.