සියලු ජාතීන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සමානව සහන සැලසීමට තහවුරු කළ යුතු බවත් බලය බෙදාහැරීමක් අවශ්‍ය බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යාපනයේදී පැවසුවාය.
පෙරේදා (12 දා) යාපනය වේලනයි ප්‍රදේශයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේද සහභාගීත්වයෙන් වැසි ජලය රැස් කිරීමේ ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගිවෙමින් ඇය මෙසේ පැවැසුවාය.
‘‘අපි පිළගන්නවා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. බලය බෙදාහැරීමක් අවශ්‍යයි. දේශපාලනිකව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින්ම තහවුරු කරගත යුතුයි කියල රජය විශ්වාස කරනවා. එක පැත්තකින් යුද්දෙ කාලයේදී සිදු වූ යම් දේ පිළිබඳ හරියාකාරව සොයා බලලා කවුරු හරි රජයෙ නිලධාරීන් වැරදී කළා නම් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා දැන් රජයෙන් විශේෂ කාර්යාංශයක් පිහිටවල තියෙන්නේ” යැයිද ඇය වැඩිදුරටත් පැවැසුවාය.
මෙහිදී අදහස් දැක්වූ උතුරු මහ ඇමති කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී රජය බලවට පත් කරන්නට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ලබා දුන් ඡන්දය අති විශාල පිටුවහලක් වූ බවයි.