දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී (විශ්‍රාමික) මේජර් ජෙනරාල් අමල් කරුණාසේන මහතාගේ සුවදුක් බැලීමට ආරක්ෂක රාජ්‍යඅමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (23දා) සවස වැලිකඩ බන්ධනාගාර රෝහලට ගියේය.
එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී (විශ්‍රාමික) මේජර් ජෙනරාල් අමල් කරුණාසේන මහතාගේ අසනීප තත්ත්වය පිළිබඳ මෙන්ම දැනට සිදුවෙමින් පවතින අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු විමසීය.