රටේ මූල්‍ය හා ආර්ථික තත්ත්වය පිළිබඳ මුදල් අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා අසත්‍ය ප්‍රකාශ රාශියක් සිදුකර ඇති බවත් රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රජය කළ අසත්‍ය ප්‍රකාශ නිවැරදි කිරීම සඳහා තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසත් මුදල් අමාත්‍ය රවී කරුණානායකට සහ ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට මහත්වරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා, අභියෝගයක් එල්ල කළේය. ඒ නාරාහේන්පිට අභයාරාමයේදී අද(30) පැවති මාධ්‍ය හමුවේදීය