ඌව පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්කරමින් නිකුත්කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (12දා) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළේය.
ඌව පළාත් සභාව සඳහා පත්විය යුතු මන්ත්‍රීන් සංඛ්‍යාව වැරදි ලෙස සඳහන් කරමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය නීතිවිරෝධී එකක් බව කියමින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකණයට ඉදිරිපත් කළේය.
පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ නීතීපතිවරයා නම්කර ඇත.
ජායාරූප: සමන්ත පෙරේරා