මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය ගත් තීරණය සමග සමස්ත ලංකා ජනතා කොංග්‍රසය දෙකඩ වී ඇත.
එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා ඇතුළු පිරිසක් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළ අතර, එම තීන්දුවට පිටුපා එම පක්ෂයේ ජාතික සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට සහාය දීමට තීරණය කර ඇත.
මේ පිළිබඳව 'අද' පුවත්පතට අදහස් දක්වමින් හිස්බුල්ලා මහතා පැවසුවේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිඩ්ලි ෆාරුක්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් ෆායිස්, කාත්තන්කුඩි නගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන් 06 ක් හා ඔට්ටමාවඩි ප්‍රා. සභාවේ මන්ත්‍රීවරුන් 05 ක් ආණ්ඩුව සමග තවදුරටත් කටයුතු කරන බවයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සුළු ජාතීන්ට අහිතකර බවයි. එසේම විපක්ෂයේ පොදු අපේක්ෂකයා ප්‍රකාශ කර ඇති පරිදි මැතිවරණ ක්රමයේ වෙනසක් ඇති කළහොත් එය සුළු ජාතික මන්ත්‍රී නියෝජනය අඩුවීමට හේතුවන බවත්, එබැවින් තමා ඇතුළු පිරිස තවදුරටත් ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.