ලංකා ගමනාගමන මණ්ඩලය මගින් බණ්ඩාරවෙල සිට බත්තරමුල්ල දක්වා අලුතින් බස් රථයක් යෙදවීමට කටයුතු කර තිබේ.
අලුයම 2.30 ට බණ්ඩාරවෙලින් ගමන් ආරම්භ කර කොට්ටාව හරහා බත්තරමුල්ලට පැමිණෙන මෙම සේවාව ප.ව 4.30 ට බත්තරමුල්ලෙන් පටන්ගෙන එම මාර්ගය ඔස්සේම බණ්ඩාරවෙල දක්වා ගමන් කෙරේ.
කලක සිට පැවති ප්රවාහන අර්බුදයට පිළියම් සපයමින් මෙම තීරණය ගත් බවත් ඉදිරීයේදී නව ගමන්වාර කිහිපයක්ම ආරම්භකරන බවත් ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.