බංග්ලාදේශයේ විශාලතම ඉද් අල්-ෆිතර් දේවමෙහෙයක් පැවැත්වෙන ස්ථානයක් අසල සිදුවූ IS ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බංග්ලාදේශය තුළ මෙසේ ඉද් දේවමෙහෙයක් ඉලක්ක කරමින් සිදුවූ ප්‍රථම ප්‍රහාරය ලෙස මෙය සැලකෙන අතර, මෙම ප්‍රහාරය පසුගිය සිකුරාදා ඩකා අගනුවර ඉතාලි අවන්හලේ සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරයට පසුව ත්රස්තයන් යළි නැගී සිටි අවස්ථාවක් බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, ප්‍රහාරකයන් පිරිසක් මෙම දේව මෙහෙය පැවතැවෙන ස්ථානයට ඔබ්බෙන් වූ පොලීසිය වෙත මුලින්ම බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක්ද සිදුව තිබේ. මෙහිදී මියගිය පිරිස අතර පොලිස් නිලධාරියෙකුද වන බව විදෙස් වාර්තා පවසයි. එම අවස්ථාවේදී 250,000ක පමණ පිරිසක් දේවමෙහෙයට සහභාගී වෙමින් සිටි බවද කියැවෙයි.
ඩකා අගනුවරට කි.මී.140ක් පමණ දුරින් වූ කිෂෝරේග්නාජ් දිස්ත්‍රික්කයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඇතැම් වාර්තාවන්ට අනුව එම මුස්ලිම් දේවස්ථනයේ ප්‍රධානියාද ප්රහාරකයන්ගේ ඉලක්කයක් වූ බව කියැවෙයි. ඒ, ඉස්ලාම් දහමේ නාමයෙන් සිදුවන ත්‍රස්තක්‍රියා සම්බන්ධයෙන් පසුගියදා ඔහු විසින් ප්‍රසිද්ධ විවේචනයක් සිදුකර ඇති නිසා බවද කියැවෙයි.