පොළොන්නරුවට බලපෑ අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන්ව සිටිති.
අවතැන් වූ ජනතාවගේ සහන කටයුතු සදහා යුද හමුදාවේ 2000 ට වැඩි පිරිසක් යොදවා ඇති බව නැගෙනහිර ආරක්ෂක සේනා අඥනාපති මේජර් ජනරාල් ලාල් පෙරේරා මහතා කියයි. අඛණ්ඩව නව වැනි දිනටත් අදද වර්ෂාව පැවැතියේය.
වර්ෂාව හේතුවෙන් පොළොන්නරුවේ සංචාරයට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ද අපහසුතාවට පත්ව සිටිති.
පොළොන්නරුව - මඩකපුව මාර්ගය ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (28දාත්) ඇන හිට තිබුණි.