පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් කිරිබත් කෑ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයන් 30 දෙනෙකු ස්ථානමාරු කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා එම සේවකයන් දිවයිනේ ඈත ප්‍රදේශවලට මාරුකර තිබීම නීතිවිරෝධී බැවින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන්නැයි නීතිඥයන්ට උපදෙස් ලබාදුන් බවද සභාපතිවරයා සඳහන් කළේය.
එම සේවකයන්ගේ මානව හිමිකම් කඩවී තිබෙන බැවින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත්, තලතා අතුකෝරල ඇමතිවරියගෙන් එම සේවකයන්ට පෞද්ගලිකව වන්දි ලබාගැනීම සඳහා කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.
සභාපතිවරයා මේ බව පැවසුවේ, අද (28දා) බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීය.