මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් පසුගිය වසර 2ක කාලය තුළ විශ්විවද්‍යාල සිසුන් පැවැත්වූ උද්ඝෝෂන ව්‍යාපාරවලට එල්ල කළ පහරදීම් වලින් සිසුන් 420කට අධික පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර ගෙන ඇති බව වාර්තාවෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදීමේ සිද්ධිය නිසා මේ වන විට සිසුහු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටිතිත ඒ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේක, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියෝද වෙති.
මේ පිළිබඳව සිසුන් 150ක් පමණ අත්අඩංගුවට ගැනිමට පොලීසිය පරීක්ෂණ පවත්වයි. මැතකදී සයිටම් විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාර 20ක් කොළඹදී පවත්වා ඇති අතර ඒ සියල්ලන්ටම පාහේ පොලිස් පහරදීම් කර ඇත.
දයාසීලි ලියනගේ