පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අද (24දා) අලුයම 4.00 සිට පෙ.ව. 8.00 දක්වා දිවයිනම ආවරණය වන අාකාරයෙන් සිදුකරන ලද පැය හතරක විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 2879ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එයින් වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත්තේ වරෙන්තුකරුවන් වන අතර එම අගය 1031කි. මීට අමතරව ලබාගෙන ඇති රථ වාහන නඩු සංඛ්‍යාව 7516කි.