විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැන්නා තුරු තමන් නැවත මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත නොපැමිණෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.
පොලිස්පති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව සිය පළමු කාර්යය ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් පොලිස්පතිවරයා මේබව පවසා තිබේ.
පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස සිටි කාලයේදී 2002 වසරේ සිට 2005 වසර දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්යක්ෂවරයා වශෙයන් කටයුතු කරනු ලැබීය.