ශ්‍රී ලංකාවේ නව පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් තීරණය කිරීම නීතිමය වශයෙන් මෙන්ම සදාචාරාත්මක වශයෙන්ද වැරැදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා සඳහන් කරයි.
එසේම ව්‍යවස්ථාදායක සභාවට කළ හැක්කේ ජනපතිවරයා විසින් නිර්දේශ කරන නමක් අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම පමණක් බවද ඔහු පවසයි.
ශ්‍රී ලංකාවේ 34 වැනි පොලිස්පතිවරයා වශයෙන් ජනපතිවරයා හා අගමැතිවරයා අතර පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව අවධානය යොමුව තිබූ බවද ඔහු මෙහිදී පැවැසීය.