අලුත්ගමදී සහ දර්ගා නගරවලදී සිදුවූ සිදුවීම්වල සියලුම වගකීම පොලීසිය භාරගත යුතු බවත්, මේ නිසා වහාම පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොමැති වුවහොත් තමා ලබන පාර්ලිමේන්තුවාරයේදී මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කළේය.
ඊයේ (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. පොලීසිය නීතිය නිවැරදිව ක්‍රියාත්මක කළා නම් අලුත්ගමදී සහ දර්ගා නගරවලදී පසුගිය දිනවල සිදුවූ සිදුවීම් මේතරම් දුරදිග නොයන බවත්ය.
එහෙත් පොලිස් නිලධාරීන් බලා සිටියදී මැර පිරිස් මහජන නියෝජිතයෙකු වූ තමාටද දැඩි ලෙස පහර දුන් බවත් රටේ සාමය ස්ථාපිත කිරීමට නොහැකිවීම පිළිබඳව ආණ්ඩුවද වගකීම භාරගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.