පෑලියගොඩදී තියුණු ආයුධයකින් පහරදී 2015/11/29 දින මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිම හා 2015/12/31 දින බුළුගහ හංදිය අසළදි පොලිස් නිළධාරින් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කර ගිනි අවියකින් වෙඩි තබා තුවාල සිදුකිරිම යන සිද්ධි දෙකට අදාළ ප්‍රධාන සැකකරු ප්‍රභාත් මධුසංක පනන්විල අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.මෙම සැකකරු බැරල් හා සංඛ යන නම් වලින්ද හඳුන්වන බවද පොලීසිය කියයි.
කැළණි නොවිසදුණු අපරාධ විමර්ශන අංශයට ලැබුණ තොරතුරක් මත ඊයේ රාත්රියේදී මීගමුවේදී සැකකරු අතඅඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු විසින් සගවා තිබු රිවෝල්වර් වර්ගයේ පිස්තෝලයක් හා ජීව අත්බෝම්බයක් සොයාගත් බවද පොලීසිය කියයි.
ඔහුගේ වසය අවුරුදු 22ක් බවත් මිරිස්වත්ත, පෑලියගොඩ යන ලිපිනයේ පදිංචිව සිටි ඇති බවත් ඔහු පැවැසීය.