කුරුණෑගල ප්රදේශයේදී පොලිස් නිළධාරියෙක්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිළධාරීන් කණ්ඩායම සමත් විය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනාගෙන් දෙදෙනෙක් යුද හමුදාවේ සේවයට වාර්තා කර නොමැති දෙදෙනෙක් බවත් තවත් අයෙක් ගුවන් හමුදාවේ නිලධාරියෙක් බවත් එක් අයෙක් සිවිල් පුද්ගලයෙක් බවත් වාර්තා වෙයි.
සැකකරුවන් දඹුල්ල හා අනුරාධපුර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.