දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ නොසැළිකිලිමත්කම හේතුවෙන් පොලිස් සැරයන් කාන්තාවක් මියගිය බවට ඇයගේ පවුලේ ඥාතීහු චෝදනා කරති.
හැටන් පොලීසියේ වසර ගණනාවක් කාන්තා පොලිස් සැරයන්වරයෙකු ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඒ. පුෂ්පා රංජනී වික්‍රමසිංහ මහත්මිය මෙසේ ජීවිතක්ෂට පත්ව තිබේ.
ඉකුත් 18දා හදිසියේ රෝගාතුරවීමෙන් ඇය දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඇය ඉකුත් 22දා මහනුවර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
ඔවුන් චොදනා කරන්නේ මියගිය පොලිස් කොස්තාපල්වරිය අසාධ්‍ය තත්ත්වයෙන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළත් වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් නිසි වගකීමකින් කටයුතු නොකළ බවයි.