පොලිතීන් නිසා පරිසරයට සිදුවන විශාල හානිය වැළැක්වීමේ අරමුණින් අද (ජනවාරි 01දා) සිට දැඩිව ක්‍රියාත්මක වන පරිදි මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි වීම හා දිරාපත් වීමට අධික කාලයක් ගතවීම වැනි ගැටලු හේතුවෙන් උග්‍ර පරිසර හානියක් සිදුවන බවට හෙළි වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
පොලිතීන් මගින් සෘජු ලෙස හා වක්‍රව සිදුවන සෞඛ්‍යමය, පාරිසරික හා සාමාජීය බලපෑම අවම කිරීම සඳහා මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිත බවද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.ආහාර එතීම සඳහා භාවිත කරන පොලීතීන් දවටන (ලන්ච් ෂීට්) සහ සාප්පු මලු (ෂොපින් බෑග්/ග්‍රොසරි බෑග්) යන ඒවා මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් ලෙස හැඳින්වේ.
දැනට තහනම් කර ඇති මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් බෑග් හා ආහාර දැවටුම් රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධිත ආයතන තුළට රැගෙන ඒමද අද සිට තහනම් වන අතර, මේ පිළිබඳ දැනුම්වත් කිරීම් මෙන්ම වැටලීම් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමටද පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය පෙන්වා දෙන පරිදි දෛනිකව පරිසරයට මුදාහරින සාප්පු මලු (ෂොපින් බෑග්) ප්‍රමාණය මිලියන 20 ක් වන අතර, ආහාර දැවටුම් ප්‍රමාණය මිලියන 15 ක් පමණ වේ.