පොලිතීන් වලට විකල්පයක් සිවිල් ඉංජිනේරුවරයෙක්ගෙන්
සැප්තැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය මගින් පොලිතීන් වර්ග හතරක් නිෂ්පාදනය, අලෙවිය හා භාවිතය තහනම් කිරීමෙන් ඇතිවන ජනතා අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නොදිරන පොලිතීන් වෙනුවට ආදේශකයක් ලෙස දැනට පොලිතීන් වශයෙන් භාවිතයේ පවතින සෑම වර්ගයක්ම දේශීය අමුද්‍රව්‍ය භාවිත කර කෙටි කලකින් දිරාපත්වන ආකාරයෙන් නිෂ්පාදනය කර ඇතැයි වරලත් සිවිල් ඉංජිනේරුවරයෙකු වන අමිල් ප්‍රියන්ත මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේගම්පහ, යක්කල පැවැති මෙම නිෂ්පාදන හඳුන්වාදීමේ මාධ්‍ය හමුවකදීය. පරිසරයට කිසිදු හානියක් නොවන පරිදි මඤ්ඤොක්කා, බඩඉරිගූ වැනි පිටි වර්ග, හාල් පිටි, අර්තාපල් වැනිදෑ යොදාගෙන එය නිශ්පාදනය කරයි.
මෙය මාස 03-06ත්අතර සාමාන්‍ය පරිසරයේදී දිරාපත්වන බවත්ප් රියන්ත මහතා අනාවරණය කළේය. හෙතෙම තවත් ඉංජිනේරු වෘත්තිකයන් පස්දෙනෙකුගේද සහාය ඇතිව මෙම නිෂ්පාදනය ආරම්භ කර තිබේ.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

