පොල් සහ පරිප්පු සඳහා පාලන මිලක් ඉදිරිපත් කළ යුතු බවට ඊයේ (22දා) රැස්වූ ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තීරණය කර තිබේ.
අදාළ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙහිදී පොල් ගෙඩියක මිල රුපියල් 70කට ආසන්න මුදලක් සහ පරිප්පු කිලෝවකට රුපියල් 110ත්, 130ත් අතර මුදලක් පාලන මිලක් ලෙස නියම කිරීමට නියමිතය.