වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය මේ මස 14 ට පෙර ගැසට් කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා රටට පොරොන්දු වූවත් එම පොරොන්දුව කඩා කප්පල්කර දැමීමට ඔහු විසින්ම වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නීතිමය ගැටලුවක් ඉදිරියට දමා අවම ප්‍රමිතිය ගැසට් කිරීම තවදුරටත් කල්දැමීමට සැලසුම් කර තිබෙන බවත්, මෙවැනි සැලසුමක් ක්‍රියාත්මක කර තිබෙන්නේ මෙම පනත ගැසට් කළහොත් සයිටම් ආයතනයේ නිරුවත හෙළිවන නිසා බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
පවුලක් රැකගැනීම සඳහා මේ ආකාරයටම රටම අනතුරකට ලක්කරමින් සිටින බවත්, ඉන් පොරොන්දුව ඉටුකිරීමට නොහැකි වූවහොත් ඔහු සිය තනතුරින් ඉල්ලා අස්විය යුතු බවද අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ලේකම්වරයා සඳහන් කළේය.