ආණ්ඩුව නිර්මාණය කළ ජනවරම තිබුණේ නාස්තිය, දූෂණය, වංචාවට එරෙහිව බවත්, එහෙත් වර්තමාන ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු උපන්ගෙයි මරා දමා සුපුරුදු ලෙස නව ලිබරල්වාදී ආර්ථික ක්‍රියාවලියක් ඉදිරියට රැගෙන යමින් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
2003 වසරේදී රටේ නීති වෙනස් කරමින් එක්සත් ජාතික පක්ෂය නව ලිබරල්වාදී ආර්ථිකයක් සකස් කිරීමට ගිය බවත්, එහෙත් ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවට ඒවා හකුළාගැනීමට සිදුවූ බවත් අද (11දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව ජනතා උද්ඝෝෂණ හමුවේ ආණ්ඩුව දමා විපක්ෂයට යාමට සිදුවූ බවත්, වර්තමානයේද මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුව එදා එක්සත් ජාතික පක්ෂය සිදුකළ දේම සිදු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.