පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයක් ( Postgraduate School of Medical Sciences - PGSM ) කඩිනමින් අරඹන බව උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.
ඔහු මෙසේ පවසා සිටියේ පසුගිදා මෙම ආයතනය පිහිටුවීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාශයේ දී පැවති අවස්ථාවේදීය.
මෙහිදී අමුණුගම මහතා ප්‍රකාශ කළේ උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය ලබාදී ඇති ප්‍රතිපාදන මත මෙම ආයතනයේ වැඩ කඩිනමින් අරඹන ලෙසයි. මෙම ආයතනය ඇරඹීමත් සමග අංග සම්පූර්ණ ශීක්ෂණ රෝහලක් ආරම්භ වන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.