ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථා සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්රියාමාර්ගයක් දියත් කර තිබෙන බව අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි.
ආයතනය තුළ සිදුවන වංචා දූෂණ හෙළිකරන සේවකයන්ගෙන් හා වෘත්තීය සමිති නායකයන්ගෙන් දිගින්දිගටම පළිගැනීම නිසා එයට විරෝධය පා මෙම වැඩවර්ජය සිදුකරන බවද එම සංගමයේ ප්රධාන ලේකම් නීතීඥ ජනක අධිකාරී මහතා සඳහන් කළේය.
ඊයේ දිනයේදීත් සේවකයන් හතරදෙනෙකුගේ වැඩ තහනම් කර සිටින බවත්, එම දෙදෙනෙක් වෘත්තීය සමිති නායකයන් බවද හෙතෙම පවසා සිටියේය.