UPDATE
පීඩන අවපාතය දුර්වල වී මන්නාරම් බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශය ආසන්නයේ පවතී. කෙසේ වෙතත් දිවයිනේ උතුරු කොටසේ වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අද දිනයේදීත් (07), පවතිනු ඇත. එම නිසා උතුරු වෙරළබඩ ප්රදේශවලද දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සහ මන්නාරම් බොක්ක ආශ්රිත මුහුදු ප්රදේශවලද පැ. කි.මී. 60 පමණ තද සුළං සහ තද වැසි (මි.මි. 100 පමණ) බලාපොරොත්තු වේ.
දිවයිනේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල නිරන්තර වැසි ඇතිවන අතර අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. බස්නාහිර පළාතේද වැසි බලාපොරොත්තු විය හැක.
කාලගුන අනාවැකිය මෙතනින් කියවන්න......
http://www.meteo.gov.lk/index.php?option=com_content&view=article&id=46&Itemid=73&lang=si
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
පීඩන අවපාතය දිවයිනට ඇතුළු වී පුත්තලම ප්‍රදේශයට ඉතා සෙමෙන් ගමන් කරමින් පවතින බවත්, මේ හේතුවෙන් දිවයිනේ උතුරු කොටසේ වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද (7දා) තවදුරටත් පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ නිසා උතුරු වෙරළ බඩ ප්රදේශවලද, දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සහ මන්නාරම් බොක්ක ආශ්රිත මුහුදු ප්රදේශවලද පැ.කි.මී. 70 පමණ ඉතා තද සුළං සහ තද වැසි (මි.මි. 100 පමණ) බලාපොරොත්තු වන බවද දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල නිරන්තර වැසි ඇති වන අතර, බස්නාහිර පළාතේ විටින් විට වැසි ඇති හැකි බවද, අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
ගැඹුරු පීඩන අවපාතයේ කේන්ද්‍රය මුලතිව් ආසන්නයේ පවතින බවත්,එය අද (6දා) රාත්‍රී දිවයිනේ උතුරු ප්‍රදේශය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂ කරන බවත් කාලගුණ අනාවැකිය කියයි.
කාලගුන අනාවැකිය මෙතනින් කියවන්න......
http://www.meteo.gov.lk/index.php?option=com_content&view=article&id=46&Itemid=73&lang=si
මේ නිසා නිසා උතුරු පළාතේද, දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සහ මන්නාරම් බොක්ක ආශ්රිත මුහුදු ප්රදේශවලද පැ.කි.මී. 70 පමණ ඉතා තද සුළං සහ තද වැසි (මි.මි. 100 පමණ) බලාපොරොත්තු විය හැකි බවද පෙන්වා දෙයි.මේ නිසා උතුරු පළාතේ විටින්විට වැසි ඇති වන අතර උතුරුමැද, වයඹ සහ බස්නාහිර පළාත්වලටද වැසි පැතිර යා හැකි බව කාලගුණ අනාවැකිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සබරගමුව,මධ්‍යම නැගෙනහිර සහ ඌව පළාත්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද පැවසෙයි. දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශ සහ මන්නාරම් බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ අනතුරුදායක වන අතර එම වෙරළ ආසන්නව උස් රළ ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව වඩා සැලකිලිමත් වන ලෙස වෙරළ අශ්‍රිතව සිටින ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.