මාතර කඹුරුපිටියේදි පියෙකු විසින් සිය දරුවන් තිදෙනා ගෙල වැළලා මරා දමා ඔහුද ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (26දා) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව තිබේ. ගෙල වැළලා මරා දැමුණු දරුවන් තිදෙනා අතර අවුරුදු 14ක් වයසැති හිමිනමක්ද වන බව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පතිරණගේ ප්‍රියන්ත (44), කෞෂල්‍යා සෙව්වන්දි (16), හිරුණි සෙවන්දිකා (10), රන්සෑගොඩ මංගල හිමි (14) අය අයවෙති.
මියගිය පුද්ගලයන් පදිංචිව සිටි නිවසට ගිනි තබා විනාශ වි ඇති අතර දරුවන්ගේ දෑත් පිටුපසට බැඳ දමා ඔවුන්ගේ ගෙල වැළලා ඇතැයි පොලීසිය පවසයි.
මෙම දරුවන්ගේ මව පවුල් ආරවුලක් මත මීට මසකට පමණ දරුවන් හා පියා අතහැර ගොස් තිබේ. සිද්ධියට මුහුණ පෑ මංගල හිමියන් සිදුවීම සිදු වූ දින නිවසට සැපැත්ව ඇත.