තම පියා ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරීපත් අලුයම් කාලය නිමාවී උදෑසන රාජකාරී වේලාව ඇරඹෙන විට, ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වැඩිමහලු දියණිය වන ඉවන්කා සිය ස්වාමියා සමග සුපුරුදු පරිදි රාජකාරියට පිටත්ව ගියාය.
දරුවන් තිදෙනෙකුගේ මවක වන 35 හැවිරිදි ඉවන්කා ට්‍රම්ප් සහ ඇගේ සැමියා වන ජෙරාඩ් කුෂ්නර්, ඊයේ දිනයේදී (09දා) මැතිවරණයේ ඡන්ද ගණන් කර අවසන්ව ට්‍රම්ප් ජාතිය ඇමතූ අලුයම 3.00 පමණ වන තෙක්ම නිදිවර්ජිතව සිටියත් ඔවුන්ගේ මුහුණුවල විඩාවක් දැකගැනීමට නොහැකි වූ බව විදෙස් වාර්තා පවසයි.
එදින උදෑසන සාමාන්‍ය රාජකාරී ඇඳුම්වලින් සැරසී සිටි ඔවුන්, පාර්ක් වීදියේ වූ මහල් නිවාසයෙන් පිටතට පැමිණ ඔවුන්ගේ කාර්යාල පිහිටි ට්‍රම්ප් කුලුණ වෙත මෝටර් රථයක නැගී පිටත්ව ගියත්, බොහෝ විට ඔවුන් දෙදෙනා කාර්යාලය වෙත පයින්ම ගමන් කරන අවස්ථා නිතර දැකිය හැකි බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
සිය පියාගේ අඩිපාරේ යන ව්‍යාපාරික කතක් ලෙස ප්‍රකට ඉවන්කා, ඩොනල්ඩ් හා මෙලීනා ඡන්දය ප්‍රකාශ කිරීමට යන අවස්ථාවේදීද ඔවුන් දෙදෙනා සමග ඡන්දය ප්‍රකාශ කිරීමටද ගොස් සිටියාය.