පාසල් නිල ඇඳුම් මිලදී ගැනීම වෙනුවෙන් ලබාදුන් වවුචර් මාස දෙකක කාලයක් දක්වා වලංගු වන අතර, තවත් මාසයක කාලයක් දිගු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ පැනයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. වවුචර් බෙදා දීමේ කාර්යය 95% ක් පමණ සාර්ථක බවත්, මේ පිළිබඳව තමා අද (09දා ) දින විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවත් අමාත්‍යවරයා කීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේ පැවසීය.
'මේ වවුචර් එකෙන් රෙදි ගන්න නගරයට යන්න වෙනවා කියල ගමේ දෙමාපියන් කියනවා මම දැක්කා. ඔවුන් කියනවා මේක අමතරව වියදමක් කියලා. වවුචර් එක මාස දෙකක කාලයක් වලංගුයි. දැන් තව මාසයක කාලයක් දිගු කරනවා. ඉතිං මම අහන්නේ මේ මාස දෙකක කාලයට ගමේ දෙමාපියන් ටවුන් එකට යන්නෙම නැද්ද කියලයි'