උතුරේ පාසල් ළමුන් දූෂණය කිරීමේ සිද්ධීන් ඉකුත් මාස දෙක තුළ වැඩිවී ඇතැයි අධ්‍යාපන රාජ්‍ය ඇමති වී. රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කරයි. මේ තත්වය වළක්වාලීම පිණිස දෙමාව්පියන් ඇතුළු පළාතේ වගකිවයුත්තන් එක්ව පියවර ගත යුතු බව ඔහු බී.බී.සී සංදේශයට පවසා තිබේ.
උතුරේ සංස්කෘතිය වෙනස් වීම වලට භාජන වෙමින් තිබෙන බවදජවසර 30 කට පෙර යුද්ධය පැවතී වකවානුව තුළත් මේ සිද්ධීන් සිදුවන්නට ඇති බව සඳහන් කළ ඔහු ඒවාට යුද හමුදාව විසින් එල්ටීටීඊ සංවිධානයටත් එල්ටීටීඊ සංවිධානය යුද හමුදාවටත් චෝදනා කර ගත් බව පවසාතිබේ.
නමුත් දැන් යහපාලනය තුළත් එවැනි සිද්ධීන් සිදුවන්නේ නම් එය බලා සිටිය නොහැකි බවද යුද්ධයක් නොමැති මේ අවස්ථාවේ දී දක්නට ලැබෙන්නේ දෙමළ සමාජයේ පුද්ගලයන් විසින්ම පාසල් දැරියන් දූෂණය කිරීම බවයි අධ්‍යාපන රාජ්‍ය ඇමති වී. රාධක්‍රිෂ්ණන් වැඩ්දුරටත් පවසා තිබේ.
්ළමුන් මෙවැනි සිද්ධීන් පැමිණිළි නොකරන නිසා, සෑම පාසලකම පාසල් දැරියන්ට පැමිණි කිරීම සඳහා විශේෂ පැමිණිලි පෙට්ටියක් තැබිය යුතු බව සඳහන් කළ ඔහු, එම පැමිණිලි විදුහල්පතිවරයා, පොලීසිය සහ සෙසු වගකිවයුත්තන් විසින් විවෘත කොට බලා අවශ්‍ය පියවර ගත යුතු බව ප්‍රකාශකර තිබේ.