අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රංශ තානාපති කර්යාලය එක්ව ප්‍රංශ භාෂාව දේශීය පාසල් පද්ධතිය තුළ තවදුරටත් ප්‍රචලිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙයි.
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ මෙරට ප්‍රංශ තානාපති ජීන් පාවුල් මොන්චාවු යන මහත්වරු අතර, පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම කරුණ අනාවරණය විය.
ඊට අවශ්‍ය වන ප්‍රථම පියවර ලෙස ලබන ඔක්තෝබර් මාසය වනවිට අවබෝධතා ගිවිසුමක් සකස් කරන ලෙසත්, ජාතික අධ්‍යාපන ආයතනය හා එක්ව ඊට අවශ්‍ය නිසි ක්‍රමවේදයක් කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ නිලධාරීන්ට මේ වනවිටත් උපදෙස් ලබාදී ඇති බව පැවසෙයි.
මෙම අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.