පාලන මිලක් නියම කර තිබෙන භාණ්ඩ වැඩිමිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමගින් කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අඛණ්ඩව වැටලීම් සිදුකිරීමට පාරිභෝගික අධිකාරියේ වැටලීම් නිලධාරීන් යොදවා තිබෙන බවත්, ජනතාවටත් පාලන මිල නියම කර තිබෙන භාණ්ඩ 16 අදාළ මිලට වැඩියෙන් අලෙවිකරණ වෙළෙඳුන් පිළිබඳව 1977 දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කළ හැකි බවද එම අධිකාරිය සඳහන් කළේය.