මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය පාරිභෝගික බලාපොරොත්තු ඉටු වූ අයවැයක් ලෙස හැදින්විය හැකි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය කියයි.
එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ සිවිල් සංවිධාන හා පුද්ගලයන්ගේ අදහස් පිළිබද සළකා බැලීම පිළිබදව අප රජයට ස්තුතිවන්ත වෙන බවයි. ලබා දුන් සහන ජනතාවට එලෙසින්ම ලබා දීම රජයේ යුතුකම බවද ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියයි.