තම බලතල ඉවත් කරමින් දහනවය සම්මත කරගත් ජනාධිපතිවරයාට විසිවැනි සංශෝධනය සම්මත කරගැනීම අපහසු දෙයක් නොවන බවත්, විසිවැනි සංශෝධනය සම්මත කරගන්නා තුරු පාර්ලිමේන්තුව නොවිසුරුවන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (25දා) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය.