පාර්ලිමේන්තු ආහාර සඳහා පිරිසුදු පොල්තෙල් පමණයි
පාර්ලිමේන්තුව තුළ සිදුවන ආහාරපාන සැකසීම පිළිබඳව කරු ජයසුරිය මහතා කථානායක ධූරයට පත් වූ විගසම පුළුල් අවධානයක් යොමු කළ බවත්, පාර්ලිමේන්තුවේ ඉවුම්පිහුම් කටයුතු සඳහා ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් පමණක් භාවිතයට ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති බවත් කථානායක කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.
කෙසේවුවද එම උපදෙස් ලබාදෙන ලද්දේ පොල්තෙල් භාවිතය පිළිබඳව වෛද්‍ය මතය කෙරෙහි අවධානය යොමුකර සාපේක්ෂව පොල්තෙල් භාවිතය වඩාත් සෞඛ්යාරක්ෂිත බවට තහවුරු කරගත් පසුව බව සඳහන් වේ. ඒඅනූව එතැන් සිට පාර්ලිමේන්තුවේ ආහාර සැකසීම සඳහා ෆාම්තෙල් භාවිතයට නොගන්නා බවත්,වගකිවයුතු ප්‍රමිති සහතිකයෙන් යුත් (SLS) පොල්තෙල් පමණක් භාවිතයට ගන්නා බවත් කථානායක කාර්යාලය අවධාරණය කරයි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නමින් හඳුන්වනු ලබන පිරිසක් විසින් පාර්ලිමේන්තු භෝජනාගාරයේ විෂ ෆාම්තෙල් භාවිත කරනබවට තමන් වෙත තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් කරමින් මාධ්‍ය වෙත ලබා දී ඇති තොරතුරු මුළුමනින්ම අසත්‍ය බවද එම නිවේදනයේ අවධාරණය කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

