මේ වසරේ පාර්ලිමේන්තුව ප්‍රථම වරට අද(09) රැස්වීමට නියමිතය තිබේ. ඒ පෙරවරු 10.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.
පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත්කොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෝජනාව අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත අතර ඒ සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අද දිනයේ පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වීමට නියමිතය.